/
/
title icon සහන ලැබුණත් කළුවර වප් පොහොය වෙනස් නොවන ලකුණු.
සහන ලැබුණත් කළුවර වප් පොහොය වෙනස් නොවන ලකුණු.
Editor
1 year ago
Share:
සහන ලැබුණත් කළුවර වප් පොහොය වෙනස් නොවන ලකුණු.

ඉහළ නැංවූ විදුලි බිලට විරෝධය පළ කරමින් අදට යෙදෙන වප් පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි විහාරස්ථානවල සිදුකෙරෙන ආගමික වතාවත් විදුලි ආලෝකය දැල්වීමෙන් තොරව සිදු කිරීමට ඇතැම් විහාරාධිපති හිමිවරුන් තීරණය තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩි වූ විදුලි බිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පූණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප‍්‍රකාශ කළා.

ඒ අනුව ඉහළ නැංවූ ආගමික ස්ථානවල විදුලි ගාස්තුව ඊට සාපේක්ෂව 50% කින් පමණ පහත දැමීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව පුණ්‍ය ආයතන කාණ්ඩයේ රුපියල් 65 ක්ව පැවති විදුලි ඒකකයක ගාස්තුව, පොදු කාර්ය කාණ්ඩය යටතට ගැනීමේදී ඒකකයකට අය කෙරෙන්නේ රුපියල් 32 ක් පමණයි.

විදුලිබිල සංශෝධනයත් සමග පසුගිය අගෝස්තු මාසයේ පූණ්‍ය ස්ථාන සඳහා ලැබී තිබු විදුලිබිල ජූලි මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බවට දිවයිනේ ප‍්‍රදේශ රැසකින් තොරතුරු වාර්තා වුණා.

එවන් පසුබිමකයි පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් ඇඹිලිපිටියේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් අද රාත්‍රි කාලයේදී විහාරස්ථානවල විදුලි පහන් නිවා වැඩි වූ විදුලි බිලට විරෝධය පළ කරන ලෙස ඉල්ලා සිටියේ.

ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටලූ‍වට සහන සැලසීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required