/
/
title icon පිපිරුණු යුරෝපයේ දිගම පාලමේ කොටසක් විවෘත කෙරේ.
පිපිරුණු යුරෝපයේ දිගම පාලමේ කොටසක් විවෘත කෙරේ.
Editor
1 year ago
Share:
පිපිරුණු යුරෝපයේ දිගම පාලමේ කොටසක් විවෘත කෙරේ.

පිපිරීමට ලක්වූ යුරෝපයේ දිගම පාලම ලෙස සැළකෙන ක‍්‍රයිමියා කර්ච් පාලමේ කොටසක් යළි විවෘත කර තිබෙනවා.

ඉන්ධන ප‍්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ටැංකි කිහිපයක් පුපුරායාමෙන් ඊයේ මෙම පාලමට හානිවූ අතර, එහිදී පුද්ගලයින් තුන්දෙනෙකු  ජීවිතක්ෂයට පත්වුණා.

මෙය රුසියාව විසින් දකුණු යුක්රේනයට අවි ආයුධ සහ සෙබළුන් ප‍්‍රවාහනය සඳහා භාවිත කළ ප‍්‍රධානතම සැපයුම් මාර්ගයක්.

කර්ච් පාලමේ කොටසක් අළුත්වැඩියා කර ප‍්‍රවාහනය සඳහා විවෘත කර ඇති අතර, එහි ආරක්ෂාව දැඩි කරන ලෙසට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උපදෙස් ලබාදී තිබෙනවා.

රුසියානුවන් මෙම පාලම සළකන්නේ සියවසේ ඉදිකිරීම ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required