/
/
title icon IMF සාකච්ඡාවකට ඇමති ෂෙහාන් ඇතුළු පිරිසක් අමෙරිකාවට.
IMF සාකච්ඡාවකට ඇමති ෂෙහාන් ඇතුළු පිරිසක් අමෙරිකාවට.
Editor
1 year ago
Share:
IMF සාකච්ඡාවකට ඇමති ෂෙහාන් ඇතුළු පිරිසක් අමෙරිකාවට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගිවීමට ශ‍්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් ඇතුළත්.

වාර්ෂික සමුළුව හෙට ආරම්භ වන අතර, එය ලබන 16 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙම කාලසීමාව තුළ ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙහිදී ශ‍්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් සිදුකර ඇති මූල්‍ය ප‍්‍රතිසංස්කරණ සහ ප‍්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුළුල්ව තවදුරටත් දැනුවත් කිරීම සිදුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required