
ගාලූමුවදොර ඊයේ පැවති විරෝධතාව අතරතුර දරුවන්ට සිදුවූ හිංසනයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය අද ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එය ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එහි ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ විරෝධතාව අතරතුර අවුරුද්දක් පමණ වයසැති කුඩා දැරියක සහ අවුරුදු 16 ක පාසල් සිසුවෙකු හිංසනයට ලක්ව ඇති බවයි.
ජීවන වියදම ඉහළ යාම, අත්අඩංගුවට ගත් අරගලයේ ක‍්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවති අතර, එහිදී හයදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
පසුව ඒ අතර සිටි 16 හැවිරිදි පාසල් සිසුවා සහ නීතීඥවරයෙකු පසුව නිදහස් කර තිබෙනවා. ඉතිරි සැකකරුවන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
විරෝධතාව අතරතුරදී හිංසනයට ලක්වූ බව කියන කුඩා දැරිය ඊයේ රාත‍්‍රියේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර, ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි රෝහල්් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේ.