English English සිංහල සිංහල தமிழ் தமிழ்

තහනමෙන් පසු එරෝෆ්ලොට් පළමු යානය දිවයිනට.

Facebook
Twitter
LinkedIn

රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්හිටුවා තිබු ගුවන් සේවා යළි ආරම්භ කරමින් රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් පළමු යානාව අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියා.

දෙරට අතර ගුවන් ගමන් මීට මාස හතරකට පමණ පෙර අත්හිටුවනු ලැබුවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කොළඹ වානිජ මහාඅධිකරණය ලබාදුන් නියෝගයක් මත රඳවා තබාගැනීමත් සමඟයි.

පසුගිය ජුනි මස 02වනදා අදාළ නියෝගය ලබාදුන්නේ අයර්ලන්තයේ පිහිිටි සෙලෙස්ටියන් එවියේෂන් ෙටි‍්‍රඩින් නැමැති කල්බදු සමාගම විසින් ගොනුකල පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

අධිකරණය නොමග යවමින් මෙම වාරණය නියෝගය ලබාගෙන ඇති බවට නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් රුසියා එරෝෆ්ලෝට් ගුවන් යානයට එරෙහිව වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේ පසුගිය ජුලි 06 වනදායි.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් රුසියාව සහ ශී‍්‍ර ලංකාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබ`දතා පළුදු වු අතර මෙරට ආර්ථීකයට ද එමගින් එල්ල වුයේ දැඩි බලපෑමක්.

ඒ අනුව, රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් දෙරට තුල ගුවන් සේවා යලි කි‍්‍රයාත්මක කිරීම පිලිබද සාකච්ජා ආරම්ිභ වුනා. එම සාකච්ජාවල ප‍්‍රතිඵලයක් ලෙසයි යලිත් වරක් එරෝෆ්ලොට් ගුවන් ගමන් අද මෙලෙස ආරම්භ වුණේ.

ඒ අනුව මොස්කව් නුවර සිට එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යු 288 ගුවන් යානය මගීන් 259 දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපලට ලගා වුයේ අද පෙරවරු 10 ට පමණයි.

එම අවස්ථාවට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම සංචාරක අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000