
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හිටපු විධායක අධ්‍යක්ෂවරයෙකු වන එරික් සෝල්හයිම් අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
ඉන්දියානු ගුවන් සේවයට අයත් ඒ.අයි. 271 දරණ යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
දිවයිනට පැමිණි එරික් සෝල්හයිම් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ද හමුවීමට නියමිතයි.
නෝර්වීජියානු ජාතිකයෙකු වන ඔහු යුද සමයේදි 2002 වසරේ පැවති සාම සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකු ලෙසද කටයුතු කළා.
එමෙන්ම, එරික් සෝල්හයිම් 2016 වසරේ සිට 2018 වසර දක්වා එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන් විධායක අධ්‍යක්ෂක ලෙසද කටයුතු කර තිබුණා.