
රට ගොඩනැගීමට අවශ්‍ය වන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප‍්‍රතිපත්තියක් බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.
පක්ෂ භේදයකින් තොරව එකම ජාතික ප‍්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැගීමට කැපවිය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
මෙරට ස්ථාපිත ප‍්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රාව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේදී අද විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු තවත් පිරිසක් එක්ව සිටියා.