
ඇප කොන්දේසියකට අනුව පොලිසියට ගොස් යළි සිය නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුට මාතර බ්රවුන්හිල් ප්රදේශයේදී මග හරස්කොට කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පහරදීමෙන් මෙම පුද්ගලයාගේ දෙඅත්වලට බරපතල හානි සිදුව ඇති බවයි.
මේ වනවිට ඔහු මාතර මහ රෝහලේ ප්රතිකාර ලබන මොහුගේ දකුණු අත ශරීරයෙන් වෙන්වී යන ආකාරයට කැපුම් තුවාල පවතිනවා.
මොහු පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප ලබාගෙන මීට සතියකට පමණ ඉහතදී නිවසට පැමිණි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව ඊයේ පස්වරුයේ මාතර පොලිසිය හමුවේ පෙනී සිට සිය දියණිය සමඟ යළි නිවසට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදු කර තිබෙනවා.