English English සිංහල සිංහල தமிழ் தமிழ்

රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප‍්‍රියමාලිගෙන් සොයාගත් ජංගම දුරකථනය සී.අයි.ඩී. යට – ලැබුණු ආකාරය ගැනත් හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සතුව තිබී සොයා ගැණුනු ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප‍්‍රකාශ කළා.

ඇය රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ඊයේ පස්වරුවේ සිදුකළ හදිසි සෝදිසියකදී මෙම ජංගම දුරකථනය සොයා ගත් අතර එය ඇයට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ සැකකාරියට, වෙනත් කාන්තා රැදවියෙකු විසින් අදාළ ජංගම දුරකතනය ලබා දී ඇති බවටයි.

ඊට අදාළව බන්ධනාගාරයේ කාන්තා අංශයේ නිලධාරීණියන්ගෙන් සහ රැදවියන්ගෙන් මේ වනවිට ප‍්‍රකාශ ලබා ගනිමින් පවතින බව බන්ධනාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළා.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වන මහලේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන ගිය මෙම කාන්තාව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 226 කට අධික මුදලක් ලබාගෙන ඒවා ආපසු ගෙවීම සඳහා ලබාදුන් චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

මේ වනවිට ඇය සමඟ ගණුදෙනු කළ බව කියන පුද්ගලයින් රැසකගේ නම් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එහි තමාගේ නමද ඇතුළත් වීම පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එවැනිම පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙසත්, ගණකාධීකරණ උපාධි දෙකක් හා ආර්ථික විද්‍යාව පිළිබඳ ද ආචාර්ය උපාධියක් හිමි අයෙක් ලෙසත්, එවැනි නීත්‍යානු කූල නොවන ආකාරයේ මුදල් තැන්පත් කිරීම් කිසිදු අවස්ථාවක සිදු නොකරන බවයි.

මේ අතර සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගියේ තිලිණි ප‍්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට සමාජ මාධ්‍ය සංසරණය වන ලැයිස්තුවේ උන්වහන්සේගේ ද නම සඳහන් වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටයි.

සමාජ මාධ්‍ය ප‍්‍රචාරයන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවැනිම පැමිණිල්ලක් සිදුකළා.

කලාකරුවන් රැසකගේ නම් ද තිළිණි ප‍්‍රියමාලි සමඟ සම්බන්ධ බවට සමාජ මාධ්‍යයේ වාර්තා පළ වී ඇති අතර, ජනප‍්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සිය නිල ෆේස්බුක් පිටුවට සටහනක් එක්කර තිබුණේ ඊට ප‍්‍රතිචාර දක්වමින්.

මෙම තොරතුරු දේශපාලනිකව පළ කරන අසත්‍ය තොරතුරු බවත්, තමන්ට ඇය සමඟ හෝ ඇයගේ ව්‍යාපාර සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් දමිතා අබේරත්න එමගින් අවධාරණය කර තිබුණා.

තමන් සහභාගී වූ උපන් දින සාදයක දී ගර්භනී මව්වරුන් වෙනුවෙන් කළ පරිත්‍යාගයක ඡායාරූප යොදා ගනිමින් ව්‍යාජ ඡායාරූප සකස්කර ඇති බවත් ඊට එරෙහිව නිතිමය පියවර ගන්නා බවත් ඇය සඳහන් කළා.

මේ අතර, තිලිණි ප්‍රියමාලිගේ සමාගමේ මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 80 ක මුදලක් තමන් එම කාන්තාවට ලබාදුන් බවයි.

වෙනත් ආයතනයක් පවත්වාගෙන යන කාන්තාවක් හරහා තමන් එම මුදල් සැකකාරියට ලබාදුන් බවද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000