English English සිංහල සිංහල தமிழ் தமிழ்

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට.

Facebook
Twitter
LinkedIn

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළ දමමින් ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනයේ එක් වාහන පන්තියක් සඳහා සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 2,500ක් දක්වා ඉහළ දමා ඇති අතර එක්දින සේවා ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 3,500ක් ලෙසයි.

එමෙන්ම එකවර පන්ති දෙකක් සඳහා සාමාන්‍ය සේවය යටතේ රියදුරු බලපත‍්‍ර ගැනීමේ ගාස්තුව ද රුපියල් 3,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

එය එක්දින සේවය සඳහා රුපියල් 4,000ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

මීට අමතරව එකවර පන්ති තුනක් හෝ කිහිපයක් සඳහා සාමාන්‍ය ක‍්‍රමයට රියදුරු බලපත‍්‍ර ලබාගන්නේ නම් එම ගාස්තුව ද 3,500ක් දක්වා ඉහල දමා ඇති අතර එක්දින සේවා සඳහා එම රියදුරු බලපත‍්‍රය ලබා ගන්නේ නම් ඊට අදාළව අය කරන ගාස්තුව රුපියල් 4,500ක් ලෙස ඉහළ යනවා.

පවත්නා රියදුරු බලපත‍්‍රයට අලූත් වාහන පන්ති එක්කරන්නේ නම්, එක් පන්තියක් සඳහා එක්දින සේවය ලබා ගැනීමේ ගාස්තුව රුපියල් 3,500ක් ලෙස සංශේධනය කර ඇති අතර, සාමාන්‍ය සේවා සඳහා එම ගාස්තුව රුපියල් 2,500ක්. එක්දින සේවය හරහා එකවර පන්ති 2ක් සඳහා පවත්නා රියදුරු බලපත‍්‍රට නව පන්ති එක්කර සේවය ලබා ගැනීමේ ගාස්තුවද රුපියල් 4,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

රියදුරු බලපත‍්‍රයක් අළුත් කිරීම හෝ එහි වලංගු කාලය දීර්ඝ කිරීම එක් කාල පරිච්ජේදයක් සඳහා එක් දිනක දී එම සේවාව ලබා ගන්නේ නම් අයකරන ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.

එම ගාස්තුව රුපියල් 4,000ක්. මීට අමතරව රියදුරු බලපත‍්‍රයක් අස්ථානගතවීම හේතුවෙන් පවත්නා වලංගු කාලය සඳහා එහි අනු පිටපතක් නිකුත් කිරිමේ එක්දින සේවා ගාස්තුද රුපියල් 9,000 දක්වා ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

එහි සමාන්‍ය සේවා ගාස්තුව ද රුපියල් 7,800 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය පහත සබැඳියට යොමුවීමෙන් ලබාගත හැකියි.

http://www.documents.gov.lk/files/egz/2022/10/2301-17_S.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000