/
/
title icon පුත්තලමේ සිසුවියක් පාසලේදී ඇද වැටී මිය යයි.
පුත්තලමේ සිසුවියක් පාසලේදී ඇද වැටී මිය යයි.
Editor
1 year ago
Share:
පුත්තලමේ සිසුවියක් පාසලේදී ඇද වැටී මිය යයි.

කෝටුවක් පෙන්වා බිය ගන්වා බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට මත්පැන් පෙවූ බවට චෝදනා එල්ල වූ අයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ පුවතක් අනුරාධපුර ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.

අනුරාධපුර – ඔයාමඩුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු ඊයේ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.

අවුරුදු 5 සහ 10 යන වයස්වල මෙම දරුවන් දෙදෙනා ඔයාමඩුව ප‍්‍රදේශයේ වැවක දිය නාමින් සිටියදී සැකකරු කොටුවක් පෙන්වා බිය ගන්වා මත්පැන් පොවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඒ පිළිබඳව දෙමව්පියන් පොලිසිය දැනුවත් කර දරුවන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, පුත්තලම – මනගුන්ඩුව ප‍්‍රදේශයේ මුස්ලිම් විද්‍යාලයක 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවියක් ඇද වැටී ඊයේ මියගියා.

පොලිසිය සඳහන් කළේ පාසල අවසන් කිරීමේ සීනූව නාද කිරීමෙන් පසුව මෙම දැරිය ආගම සිහි කිරීම සඳහා ක්‍රීඩාංගනය වෙත දිවයමින් සිටියදී පය පැටලී බිම ඇඳ වැටී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required