English English සිංහල සිංහල தமிழ் தமிழ்

“තිලිණි” නිසා පැතිරෙන කතා ගැන කියන්න ජවිපෙ අද CID යයි.

Facebook
Twitter
LinkedIn

මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට තම පක්ෂයේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ නම් සඳහන් කරමින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන ප‍්‍රචාරණයන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ වනවිට ඇය සමඟ ගණුදෙනු කළ බව කියන පුද්ගලයින් රැසකගේ නම් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එමෙන්ම තිලිණි ප්‍රියමාලිගේ සමාගමේ මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ආචාර්ය නාලක ගොඩහේවා සහ සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිලි ඉදිරිපත් කළා.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සතුව තිබී ඊයේ ජංගම දුරකතනයක් සොයාගත් අතර එය විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වන මහලේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන ගිය මෙම කාන්තාව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 226 කට අධික මුදලක් ලබාගෙන ඒවා ආපසු ගෙවීම සඳහා ලබාදුන් චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

ඇය සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 08 ක්.

එමෙන්ම හෝමාගම, කඩුවෙල සහ කොළඹ යන අධිකරණවලද ඇයට එරෙහිව මීට පෙර සිටම මුල්‍ය වංචා සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000