English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලබන වසරේ ලෝක ආර්ථික අවපාතයක් – ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.

Facebook
Twitter
LinkedIn

ලබන වසරේදී ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් ප‍්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වේගවත් උද්ධමනය, පොලී අනුපාත ඉහල නැංවීම සහ වර්ධනය අඩාල කිරීමට මහ බැංකු බල කිරීම ආදී හේතු නිසා මෙලෙස ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහල අවධානමක් පවතින බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඇමරිකාවේ වොෂිංටන්හිදී ඊයේ ආරම්භ වුණා.

එම අවස්ථාවේදීයි ලෝක බැංකු සභාපතිවරයා මේ බව කියා සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා කියා සිටියේ ඉහල ණය ගැනීමේ පිරිවැය මේ වනවිටත් ලොව පුරා රටවල ආර්ථිකයන්ට බරපතල ප‍්‍රතිවිපාක අත්කර දෙමින් සිටින බවයි.

එළඹෙන 16 වනදා දක්වා පැවැත්වෙන එම සමුළුවට ලොව සෑම රටකම පාහේ මහ බැංකු අධිපතිවරුන්, මුදල් අමාත්‍යවරුන්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයන් එක්ව සිටිනවා.

ලෝක ආර්ථිකය ප‍්‍රමුඛ ගෝලීය ප‍්‍රවණතා, දුප්පත්කම තුරන් කිරීම, ආර්ථික සංවර්ධනය මෙන්ම ආධාර භාවිතයේ කාර්යක්ෂමතාව වැනි කරුණු ඇගයීමට ලක් කිරීම සමුළුවේ මූලික අරමුණයි.

මෙවර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන එක්ව සිටිනවා.

ශ්‍රී ලංකාව මෙම සමුළුවට සහභාගි වන්නේ දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩෙලර් බිලියන 2යි දශම 9ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවයකට එළැඹ ඇති පසුබිමකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000