/
/
title icon විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකාවට.
විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකාවට.
Editor
1 year ago
Share:
විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකාවට.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පෙර පුහුණු තරඟය අද මෙල්බර්න් නුවරදී පැවැත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 05 දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.

එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 54 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනාම පන්දු යවා තිබීමද විශේෂත්වයක් වුණා.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 05 ක් දැවී තිබියදී ලබාගත හැකිවූයේ ලකුණු 155 ක් පමණයි.

ඒ අනුව තරඟය ලකුණු 33 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required