/
/
title icon ශ‍්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – රජයෙන් ප්‍රකාශයක්.
ශ‍්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – රජයෙන් ප්‍රකාශයක්.
Editor
1 year ago
Share:
ශ‍්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – රජයෙන් ප්‍රකාශයක්.

ශ‍්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස පවතින බව රජය නිවේදනය කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හේතුවෙන් ශ‍්‍රී ලංකාව ප‍්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් ඉහළ ණය ප‍්‍රතිශත යටතේ වාණිජ ණය ලබාගැනීමට තවදුරටත් හැකියාව පවතින බවයි.

ජාත්‍යන්තර සංවර්ධන සංගමය ලබාදෙන සහනදායී ණය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්වයන් නොසළකා කටයුතු කිරීමට අවස්ථාව සළසා දෙන ලෙසට ලෝක බැංකුව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ඒක පුද්ගල ආදායම අඩුවීම හේතුවෙන් ශ‍්‍රී ලංකාව මැදි ආදායම් වර්ගීකරණයේ සිට අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

ඉන් අනතුරුවයි ජනාධිපති මාධ්‍ය අංශය අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව අතරමැදි සහනදායී ණය වැඩසටහන ඉතා කෙටි කාලයකට පමණක් අනුගමනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම ක‍්‍රමවේදය ගැප් ලෙස හඳුන්වන අතර, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 12 ක් මෙම ක‍්‍රමවේදය දැනටමත් උපයෝගී කරගෙන සහනදායී ණය ලබාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අඩු ආදායම්ලාභී රටක් නොව මැදි ආදායම්ලාභී රටක් ලෙස ශ‍්‍රී ලංකාව ඉදිරියටත් වර්ගීකරණයේ සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කිරීමත් සමඟ රොයිටර් පුවත් සේවයද වාර්තාවක් නිකුත් කර තිබුණා.

එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් පිරිනමනු ලබන ණය ලබාගැනීමට සුදුසුකම් ලබාදෙන ලෙසට ලෝක බැංකුවෙන් ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත් ලෝක බැංකුව ඊට ප‍්‍රතිචාර දක්වා නොමැති බවයි රොයිටර් පුවත් සේවය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම ලෝකයේ දුප්පත් මිනිසුන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසකගේ නිවහන වූ ශ‍්‍රී ලංකාව ඇතුලූ ලෝකයේ රටවල් 54 කට ණය සහන කඩිනමින් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරනවා.

වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ එම රටවල අන්ත දුගී බවට පත්වීම වළක්වාගැනීම සඳහා ක්‍ෂණික ණය සහන අවශ්‍ය බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මේ වනවිට අදාළ තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතර, ශ‍්‍රී ලංකාව, පාකිස්ථානයේ සිට චැඞ්, ඉතියෝපියාව සහ සැම්බියාව දක්වා පැතිරෙන ණය අර්බුද තත්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන ප‍්‍රකාශ කරන්නේ.

ණය කපා හැරීම, පුළුල් සහන ලබාදීම මෙන්ම බැඳුම්කර ගිවිසුම් සඳහා නව කොන්දේසි ඇතුළත් කිරීම මගින් එම තත්වය අවම කරගැනීම සිදුකළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required