English English සිංහල සිංහල தமிழ் தமிழ்

රාජ්‍ය ආයතනවලින් ජනතාව විමසන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න විධිමත් ක‍්‍රමයක්.

Facebook
Twitter
LinkedIn

මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උපදෙස් ලබාදී තිබෙනවා.

කාලය, ශ‍්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට ජනතාව නිරන්තරයෙන් පැමිණෙනවාට වඩා, ඔවුන් විසින් යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප‍්‍රතිචාර දක්වමින් අදාළ කාර්යයන් ඉටුකර දීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳවයි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ගැටළු සඳහා පිළිතුරු ලබාදීමේ දී විධිවිධාන ඇතුළත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් විශේෂ ලිපියක් සියලූ‍ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් වෙත මේ වනවිට යොමු කර තිබෙනවා.

මහජනතාවගෙන් රාජ්‍ය ආයතනවලට යොමු වන ලිපි සඳහා ප‍්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ. එසේම, වහාම අවසන් පිළිතුරු යැවිය නොහැකි අවස්ථාවකදී සතියක් ඇතුළත ලිපිය ලද බවට අතුරු පිළිතුරක් සහ සති හතරක් ඇතුළත අවසන් පිළිතුරක් යැවීමේ අවශ්‍යතාව එමඟින් අවධාරණය කෙරෙනවා.

එසේම සියලූ‍ම රාජකාරී ලිපි සඳහා, පිළිතුරු ලිපි යැවීමේ දී අදාළ ලිපියේ අත්සනට පහළින් එකී ලිපිය අදාළ, විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ ඍජු දුරකථන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය ද සඳහන් කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරික්ෂා කළ යුතු අතර, ඒ සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතු වීමද විශේෂත්වයක්. මාණ්ඩලික නිලධරයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කිරීමද කළ යුතු වනවා.

එලෙස විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි සඳහා එදිනම පිළිතුරු ලබාදීමට  උත්සුක විය යුතු අතර, ඒ සඳහා එදිනම පිළිතුරු ලබාදිය නොහැකි නම්, එම ලිපිය ලද බවත්, ඒ සඳහා පිළිතුරු සැපයීමට අවශ්‍ය කාලයත් සඳහන් කර අතුරු පිළිතුරක් යොමු කිරීමත් සිදුකළ යුතුයි.

කාර්යාලය වෙත ලැබෙන සියලූ‍ම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු බවද එහි දැක්වෙනවා. දුරකථන ඇමතුම් වැඩි ප‍්‍රමාණයක් ලැබෙන ආයතන හෝ අංශ ඇත්නම්, එම ඇමතුම් සඳහා පිළිතුරු ලබාදිමට නිශ්චිත නිලධාරියෙකු පත් කළ යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කාර්යාල වෙත ලැබෙන දුරකථන ඇමතුම් සටහන් කර ගැනීම සඳහා නිශ්චිත  නිලධාරියෙක් පත් කළ යුතුයි. එම නිලධාරියා විසින් දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයාගේ නම, කාරණය හා නැවත පිළිතුරක් යොමු කළ යුතු දුරකථන අංකය ආදී තොරතුරු සටහන් කර ගැනීමට කටයුතු කළ යුතු බව එහි දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000