/
/
title icon අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් බැඳුම්කර නඩුවක පොදු දේපළ චෝදනාවෙන් ගැළවේ.
අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් බැඳුම්කර නඩුවක පොදු දේපළ චෝදනාවෙන් ගැළවේ.
Editor
1 year ago
Share:
අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් බැඳුම්කර නඩුවක පොදු දේපළ චෝදනාවෙන් ගැළවේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්,  පර්පචුවෙල් ට‍්‍රෂෙරීස් සමාගම, එහි අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්ට අදාළ බැඳුම්කර නඩුවේ පොදු දේපළ පනත යටතේ වන චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ තීන්දු කළා.

ඒ, 2015 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන  688 ක බැඳුම්කර සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් පිළිගැනීමත් සමඟයි.

සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ ගෙන් සමන්විත ත‍්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරුණා.

මෙම නඩුව  මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි පර්පචුවෙල් ට‍්‍රෂෙරීස් සමාගම, එහි අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන සහ නවීන් මාරපන විසින් මතුකරන ලද මූලික විරෝධතා පිළිගනිමින් විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීරණය ඊයේ ප‍්‍රකාශයට පත් කළා.

අනතුරුව  නඩුව  දෙසැම්බර් මස 16 වනදා ට කල් දැමුණු අතර එදින පූර්ව නඩු විභාග සම්මන්ත‍්‍රණය පවත්වන බවත් අධිකරණය නියෝග කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required