English English සිංහල සිංහල தமிழ் தமிழ்

ආහාර හිඟ ප‍්‍රදේශ හඳුනාගෙන වාර්තාවක් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්.

Facebook
Twitter
LinkedIn

ආහාර හිඟතාවයෙන් පෙළෙන ප‍්‍රදේශ හඳුනාගනිමින් ඒ පිළිබඳව වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

අදාළ වාර්තාවේ තොරතුරු මත පදනම්ව ආහාර බැංකු සහ කමියුනිටි කිචන් හෙවත් ප‍්‍රජා මුළුතැන් ගෙය යන වැඩසටහන් දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.

මේ වනවිට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලූදෙනා මෙම වැඩසටහනට දායක කරගැනීමේ හැකියාවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

2023 වසර දක්වා වැඩසටහන අඛණ්ඩව ක‍්‍රියාත්මක කර ජනතාවගේ පෝෂණ අවශ්‍යතා තහවුරු කිරීමට සහ ඉදිරියේදී ඇතිවිය හැකි ලෝක ආර්ථික අර්බුදයට සූදානම් වීම සඳහා මෙම වැඩසටහන උපයෝගී කරගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද සුරක්ෂිත විය යුතු බවයි මෙහිදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000