/
/
title icon උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් කැඳවීමට පෙර හිඟ මුදල් ගෙවන්නැයි ගුරු සංගම් ඉල්ලයි.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් කැඳවීමට පෙර හිඟ මුදල් ගෙවන්නැයි ගුරු සංගම් ඉල්ලයි.
Editor
1 year ago
Share:
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් කැඳවීමට පෙර හිඟ මුදල් ගෙවන්නැයි ගුරු සංගම් ඉල්ලයි.

2022 උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවා අවසන්වීමට පෙර පසුගිය වසරේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඇගයීම් ගාස්තු ගෙවා දැමීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සේවා සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ගුරුවරුන් උත්තර පත‍්‍ර පරීක්ෂාව සඳහා අයදුම් නොකරන ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඞී. ධර්මසේන කියා සිටියේ ලබන 21 වනදා දක්වා 2022 උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සිදුකරන බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම්පත සම්පූර්ණ කිරීම හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ගගත ක‍්‍රමයට උත්තර පත‍්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කළ හැකියි.

කෙසේ වෙතත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ ගෙවීම් සිදුකර අදාළ අයදුම්පත් භාරගැනීමේ කාලසීමාවද දීර්ඝ කිරීමට කටයුතු කළ යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required