/
/
title icon අලව්ව ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ බලයට අතුල් පහරක් – ලබන වසරේ අයවැය පරදී.
අලව්ව ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ බලයට අතුල් පහරක් – ලබන වසරේ අයවැය පරදී.
Editor
1 year ago
Share:
අලව්ව ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ බලයට අතුල් පහරක් – ලබන වසරේ අයවැය පරදී.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප‍්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය පරාජයට පත්ව තිබෙනවා.

ඊයේ පැවති අයවැය ඡුන්ද විමසීමේදී එය පරාජයට පත්වූයේ වැඩි ඡන්ද 9 කින්.

මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු අලව්ව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන අතර, පාලක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 15 ක්.

කෙසේ වෙතත් ඊයේ පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 9 ක් පමණක් හිමිවූ අතර, විරුද්ධව හිමිවූ ඡුන්ද සංඛ්‍යාව 18 ක්.

එහිදි කැපී පෙනෙන සිදුවීමක් වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 9 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීමයි.

පාලක පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් අයවැයට පක්ෂව මන්ත‍්‍රීවරුන් පස්දෙනෙනකු පමණක් ඡන්දය ලබාදී තිබූ අතර, එක් මන්ත‍්‍රීවරයෙකු සභාවට පැමිණ සිටියේ නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required