English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඥාණසාර හිමි තිළිණි ප්‍රියමාලි ළඟ මුදල් අයෝජනය කර නැතැයි බොදුබල සේනාව කියයි.

Facebook
Twitter
LinkedIn

බොදුබල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව හමුවේ මුදල් ආයෝජනය කර ඇති බවට පළවන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ තිළිණි ප‍්‍රියමාලි හෝ වෙනත් ආයතනයක ඥාණසාර හිිමියන් කිසිදු ආයෝජනයක් සිදුකර නොමැති බවයි.

මේ අතර රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන ප‍්‍රචාරණයන්ට එරෙහිව ඊයේත් පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ  මෙලෙස පැමිණිලි ඉදිරිපත් කරනු ලැබූ පිරිස අතර වනවා.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ආචාර්ය නාලක ගොඩහේවා සහ උදය ගම්මන්පිල මෙන්ම සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000