/
/
title icon චාල්ස් රජුගේ රාජාභිෂේකය 2023 මැයි 06.
චාල්ස් රජුගේ රාජාභිෂේකය 2023 මැයි 06.
Editor
1 year ago
Share:
චාල්ස් රජුගේ රාජාභිෂේකය 2023 මැයි 06.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි මස 06 වනදා වෙස්ට්මිනිස්ටර් ඇබේහීදි පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගාව නිවේදනය කළා.

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුත් තුන්වන චාල්ස් කුමරුට රජකම හිමිවූ අතර ඔහුගේ රාජාභිෂේකයක් පැවැත්වූයේ නැහැ.

චාරිත‍්‍රානුකූලව බොහෝ සංදර්ශන මධ්‍යයේ රාජාභිෂේකය සිදුකරමින් චාල්ස් රජුගේ හිස මත ඔටුනු පැළඳවීමට නියමිතයි.

මෙවැනි රාජාභිෂේකයක් සිදුවන්නේ අවුරුදු 70කට පසුව වීම විශේෂත්වයක්.

මීට පෙර දෙවන එළිසබෙත් මහ රැජින රාජාභිෂේකය ලැබුවේ 1953 වසරේදීයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required