/
/
title icon රටම හඬවමින් අවසන් ගමන් ගිය දෙව්මි රන්සරා දැරිය.
රටම හඬවමින් අවසන් ගමන් ගිය දෙව්මි රන්සරා දැරිය.
Editor
1 year ago
Share:
රටම හඬවමින් අවසන් ගමන් ගිය දෙව්මි රන්සරා දැරිය.

කෙටි කාලයකින් රටේම අවධානය තමන් වෙත දිනාගැනීමට සමත්වූ දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ.

උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ රටේම අවධානය ඇය වෙත යොමුවිය.

සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත. ඇය මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියේය.

ජීවිතයට එන අභියෝග වලට අභියෝග කරමින් තම ඉලක්ක ජය ගැනීමට උතසාහ කළ ඇයට නිවන් සුව පතමු.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required