/
/
title icon 75 වන නිදහස් දින තේමාව “එක්ව නැගිටිමු”.
75 වන නිදහස් දින තේමාව “එක්ව නැගිටිමු”.
Editor
1 year ago
Share:
75 වන නිදහස් දින තේමාව “එක්ව නැගිටිමු”.

එක්ව නැගිටිමු” තේමාව යටතේ 75 වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව “එක්ව නැගිටිමු “ තේමාව යටතේ 75 වන නිදහස් දින සමරුම් උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී අති උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

එතුමා මේ බව පැවසූයේ 75 වන නිදහස් සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ය.

එසේම 75 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කරගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required