/
/
title icon අද දින වායුගෝලයේ කැළඹීමක්.
අද දින වායුගෝලයේ කැළඹීමක්.
Editor
1 year ago
Share:
අද දින වායුගෝලයේ කැළඹීමක්.

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර වීමට ඉඩ තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බව ද කියැවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක. ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required