/
/
title icon මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිලිණි මාංචු නැතිව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට.
මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිලිණි මාංචු නැතිව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට.
Editor
1 year ago
Share:
මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිලිණි මාංචු නැතිව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප‍්‍රියමාලි ඊයේ පස්වරුවේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 මහලේ පිහිටි ඇයගේ ප‍්‍රධාන කාර්යාලය වෙත රැගෙන ආවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ආරක්ෂාව යටතේයි. එහිදී ඇයට මාංචු නොදමා රැගෙනවිත් තිබීම විශේෂත්වයක් වුණා.

පසුව ඇය වත්තල සහ ජා-ඇල ප‍්‍රදේශයට රැගෙන ගොස් තිබුණේ එහි ඇති තවත් ව්‍යාපාරික ස්ථාන කිහිපයක පරීක්ෂණ කටයුතු කිරීම සඳහායි.

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථානීය පරීක්ෂා කිරීම් 4 ක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක ද තහවුරු කළා.

මේ අතර, මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි පි‍්‍රයමාලිට මුදල් ලබාදුන් පුද්ගලයින්ගේ තොරතුරු ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිදුකළ එම ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉටු නොවන්නේ නම් අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලැයිස්තුවේ තමන්ගේ නම ද ඇතුළත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්නද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකළා.

මේ අතර, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තිලිණි ප්‍රියමාලි සිදුකළ තවත් මූල්‍ය වංචා ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ළගම ඇති පොලීසියට දැනුම් දෙන ලෙසයි.

මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තිලිණි පි‍්‍රයමාලි ලබන 19 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required