English English සිංහල සිංහල தமிழ் தமிழ்

සුබසාධක ප‍්‍රතිලාභ ගන්න අයදුම්පත් ලක්ෂ 23 ක්.

Facebook
Twitter
LinkedIn

‘‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා’’ තේමාව යටතේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබසාධන ප‍්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිලිවෙලට මේ වනවිට අයදුම්පත් ලක්ෂ 23 ක් ලැබී තිබෙනවා.

සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ඒ අතරින් අයදුම්පත් හයලක්ෂ 24,714 ක් මේ වනවිට පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.

දිවයින පුරා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 341 ක ස්ථාපිත සුබසාධක ප‍්‍රතිලාභ තොරතුරු ඒකක මගින් සියලූම අයදුම්පත් පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන බවයි ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සමාජ සුබසාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9 ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට සුබසාධක ප‍්‍රතිලාභ ලබන හෝ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් මිලියන 3.3 ට අමතරව, කොරෝනා දෙවන රැල්ල සහ ආර්ථික අර්බුදය හමුවේ අලූතින් අඩු ආදායම්ලාභී තත්ත්වයට පත්ව ඇති පවුල් ලක්ෂ 6ක්ද මේ සඳහා අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 39 ක් සුබසාධක ප‍්‍රතිලාභ ලැබීමට නියමිතයි.

සමෘද්ධිලාභීන්, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ලෙස මේ වනවිටත් සුබසාධක ප‍්‍රතිලාභ ලබන්නන් මෙන්ම අලූතින් සුබසාධක ප‍්‍රතිලාභ අපේක්ෂා කරන්නන්ද මේ සඳහා ලියාපදිංචි විය යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ සඳහා අයදුම්පත් යොමු කිරීම මේ මස 15 වැනිදායින් අවසන් වන බවයි සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය කියා සිටියේ. එසේම, දෙසැම්බර් 15 වැනිදා වනවිට සුදුසුකම් සැපිරූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප‍්‍රසිද්ධ කිරීමට නියමිත බවද එම මණ්ඩලය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000