/
/
title icon පේරාදෙණිය සරසවි සිසුන්ගේ ආතතියට ආර්ථික ප්‍රශ්නත් හේතු වෙලා.
පේරාදෙණිය සරසවි සිසුන්ගේ ආතතියට ආර්ථික ප්‍රශ්නත් හේතු වෙලා.
Editor
1 year ago
Share:
පේරාදෙණිය සරසවි සිසුන්ගේ ආතතියට ආර්ථික ප්‍රශ්නත් හේතු වෙලා.

අගෝස්තු මාසයේ සිට මේ දක්වා මනෝ උපදේශන සේවා ලබා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණෙන සිසු සිසුවියන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව එහි ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිණී චන්දිමා හේරත් පවසනවා.

පවතින ආර්ථික ගැටළුද ඊට හේතු වී ඇති බවයි ඇය කියා සිටියේ.

පසුගිය කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 03 දෙනෙකු සියදිවි හානි කරගත් අතර, පසුව කළ සොයා බැලීම්වලදී මානසික ගැටළු ඊට හේතු වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එබැවින් සරසවි සිසු සිසුවියන් සමඟ නිරන්තර සබඳතා පවත්වා ගැනීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම මේ මොහොතේ දෙමව්පියන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේද වගකීමක් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිණී චන්දිමා හේරත් අවධාරණය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required