/
/
title icon මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය හකුලා ගනී.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය හකුලා ගනී.
Editor
1 year ago
Share:
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය හකුලා ගනී.

අද සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සිදුකිරීමට ගිය සංශෝධනය කල් දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සැලසුම් කර තිබුණේ එම මාර්ගයේ ධාවනය කෙරෙන ඇතැම් දුම්රිය නියමිත වේලාවට වඩා මිනිත්තු 10 කට හෝ ඊට අඩු කාලයකට පෙර ධාවනය කරවීමටයි.

කාර්යාල දුම්රිය සඳහා එය බොහෝ දුරට අදාළ වන බව ප‍්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව මගී ජනතාව දැනුවත් කර තිබුණේ අදාළ දුම්රිය ස්ථාන මගින්.

ඊයේ පස්වරුව වනතුරුම දුම්රිය පාලක මැදිරිය හෝ දුම්රිය තොරතුරු අංශ ඒ පිළිබඳව නිසිලෙස දැනුවත් නොවී තිබීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මගී ජනතාව ප‍්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ අදාළ කාලසටහන් සංශෝධනය කල් දැමූ බව දුම්රිය ස්ථානවලින් නිවේදනය කළ බවයි.

මේ අතර, අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පොල්ගහවෙල – අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය හෙට සහ අනිද්දා වසා දැමෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required