English English සිංහල සිංහල தமிழ் தமிழ்

ප්‍රියමාලිගේ ගිණුම් 03 ක් පරීක්ෂා කරයි – ශේෂය ලක්ෂයක්වත් නැහැ.

Facebook
Twitter
LinkedIn

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප‍්‍රියමාලිගේ බැංකු ගිණුම් 03 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ එම ගිණුම්වල රුපියල් ලක්ෂයකට වඩා අඩු ශේෂයක් පමණක් පැවති බවයි.

කෙසේ වෙතත්, ඇය විසින් වංචා කර ඇති බව පැවසෙන රුපියල් කෝටි 250 කට ආසන්න මුදල පිළිබඳව මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

එම මුදල් සොයා තවදුරටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවද එම නිලධාරීයා සඳහන් කළා.

මේ අතර, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප‍්‍රියමාලි ඊයේ පස්වරුවේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 මහලේ පිහිටි ඇයගේ ප‍්‍රධාන කාර්යාලය වෙත රැගෙනවිත් තිබුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ආරක්ෂාව යටතේයි.

පසුව ඇය වත්තල සහ ජා ඇල ප‍්‍රදේශයට රැගෙන ගොස් තිබුණේ එහි ඇති තවත් ව්‍යාපාරික ස්ථාන කිහිපයක පරීක්ෂණ කටයුතු සඳහායි.

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථානීය පරීක්ෂා කිරීම් 4 ක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක ද තහවුරු කළා.

මේ අතර, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තිලිණි ප්‍රියමාලි සිදුකළ තවත් මූල්‍ය වංචා ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000