/
/
title icon යුක්රේනයේ කොටස් ඈඳා ගැනීමට දරන රුසියාවේ උත්සාහය හෙලා දැකීමේ යෝජනාවක් සම්මතයි.
යුක්රේනයේ කොටස් ඈඳා ගැනීමට දරන රුසියාවේ උත්සාහය හෙලා දැකීමේ යෝජනාවක් සම්මතයි.
Editor
1 year ago
Share:
යුක්රේනයේ කොටස් ඈඳා ගැනීමට දරන රුසියාවේ උත්සාහය හෙලා දැකීමේ යෝජනාවක් සම්මතයි.

යුක්රේනයේ ප‍්‍රදේශ හතරක් ඈදා ගැනීමට රුසියාව දරන උත්සය හෙලා දැකීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත කරගෙන තිබෙනවා.

එහිදී යෝජනාවට රටවල් 143ක් සහය පළ කර ඇති අතර ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ජන්දය දීමෙන් වැලකී සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රුසියාව, බෙලරූසය, උතුරු කොරියාව, සිරියාව සහ නිකරගුවා යන රටවල් 5 මෙම යෝජනාවට විරුද්ධව ජන්දය ප‍්‍රකාශ කළා.

රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසු ඔවුන්ට එරෙහිව මහා මණ්ඩලයේදී ලැබුණු වැඩිම ජන්ද සංඛ්‍යාව මෙය වනවා.

පසුගිය සතියේ ක්‍රෙම්ලිනයේ පැවති උත්සවයකදී නැගෙනහිර යුක්රේනයේ ලූහාන්ස්, ඩොන්ස්, සබ්රූසියා, කර්සන් යන ප‍්‍රදේශ රුසියාවේ කොටසක් බවට පත් කිරීම සඳහා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලියකියවිලි වලට අත්සන් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required