/
/
title icon බැංකු ගිණුම්වලට හඳුනාගැනීමේ අංකයක් අනිවාර්ය කරයි.
බැංකු ගිණුම්වලට හඳුනාගැනීමේ අංකයක් අනිවාර්ය කරයි.
Editor
1 year ago
Share:
බැංකු ගිණුම්වලට හඳුනාගැනීමේ අංකයක් අනිවාර්ය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් පනත යටතේ විධාන නිකුත් කරයි.

ඒ අනුව පිළිවෙලින් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ගනුදෙනුකරුවන් සඳහා තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේ දී එක් එක් ගිණුම් හිමියන් සඳහා අනන්‍ය වූ හඳුනාගැනීමේ අංකයක් සටහන් කිරීම 2022.10.01 දින සිට අනිවාර්යය කර ඇත.

මේ තුළ දී බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල දැනටමත් ගිණුම් පවත්වාගෙන යන තැන්පතුකරුවන් අනන්‍ය වූ හඳුනාගැනීමේ අංක යාවත්කාලීන කර අවසන් කිරීම සඳහා 2023.12.31 දින දක්වා කාලය ලබා දී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required