/
/
title icon ‘‘මාතර අපරාධ කොට්ඨාශය’’ වැඩ අරඹයි.
‘‘මාතර අපරාධ කොට්ඨාශය’’ වැඩ අරඹයි.
Editor
1 year ago
Share:
‘‘මාතර අපරාධ කොට්ඨාශය’’ වැඩ අරඹයි.

දකුණු පළාතේ අපරාධ මර්දනයට නව අපරාධ කොට්ඨාසයක් පිහිටුවීම අද සිදු කෙරුණා.

ඒ, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප‍්‍රධානත්වයෙන්. ‘‘මාතර අපරාධ කොට්ඨාශය’’ ලෙස මෙය නම් කර තිබෙනවා.

දකුණු පළාතේ මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සහ වෙනත් විශේෂ අපරාධ විමර්ශනය කිරීම මේ හරහා සිදු කෙරෙනු ඇති.

අදාළ නව පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරා පත් කර තිබෙනවා.

දකුණු පළාත තුළ මෙවැනිම අපරාධ කොට්ඨාසයක් ගාල්ල සහ ඇල්පිටිය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required