/
/
title icon මෛත‍්‍රීට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පාස්කු නඩුව අභියාචනාධිකරණය කල් තබයි.
මෛත‍්‍රීට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පාස්කු නඩුව අභියාචනාධිකරණය කල් තබයි.
Editor
1 year ago
Share:
මෛත‍්‍රීට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පාස්කු නඩුව අභියාචනාධිකරණය කල් තබයි.

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහි නඩු විභාගය අද සිට සති 10 කට කල් තබන ලෙස අභියාචනාධිකරණය, කොළඹ – කොටුව මහේස්ත‍්‍රාත්වරයාට නියෝග කළා.

හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.

එම කාල සීමාව තුළ පෙත්සම්කාර මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව අගතිගාමී නියෝග නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය කොටුව මහේස්ත‍්‍රාත්වරයාට නියෝග කළා. අදාළ තීරණය ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනද අධිකරණය හමුවේ පෙනී සිටියා.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට ප‍්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් සිරිල් ගාමිණී පියතුමන් සහ එහි වින්දිතයෙකු විසින් හිටපු ජනාධිපතිවරයා විත්තිකරු කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඊට අදාළව කරුණු දැක්වීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ පසුගියදා හිටපු ජනාධිපතිවරයා වෙත සිතාසි නිකුත් කිරීමටයි පියවර ගැනුනේ.

එම සිතාසිය බල රහිත කරන ලෙස ඉල්ලායි හිටපු ජනාධිපතිවරයා මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required