/
/
title icon තිලිණි ප‍්‍රියමාලිට එරෙහිව තවත් පැමිණිලි දෙකක්.
තිලිණි ප‍්‍රියමාලිට එරෙහිව තවත් පැමිණිලි දෙකක්.
Editor
1 year ago
Share:
තිලිණි ප‍්‍රියමාලිට එරෙහිව තවත් පැමිණිලි දෙකක්.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිට එරෙහිව තවත් පැමිණිලි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා.

ඊයේ දිනයේදී ලැබුණු මෙම පැමිණිලි දෙකෙන් එකක් කොළඹ – කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් බව පොලිසිය සඳහන් කළා. රුපියල් කෝටි 75 ක මුදලක් වංචා කර ඇති බව පවසමින් මෙම ව්‍යාපාරිකයා තිළිණි ප‍්‍රියමාලිට එරෙහිව පැමිණිලි කර තිබෙනවා.

අනෙක් පැමිණිල්ල කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ රුපියල් කෝටි හතකට අධික මුදලක් ඇය වංචා කර ඇති බවයි.

ඒ අනුව මේ දක්වා මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඇයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 ක්.

තිළිණි ප‍්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගෙන්ද ප‍්‍රකාශ ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එසේම ඇයගේ දුරකථනය සහ විද්්‍යුත් තැපෑල ඔස්සේ සිදුකළ සංවාද සහ පණිවුඩ යැවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.

තිළිණි ප‍්‍රියමාලිගේ සැමියා බවට පැවසෙන පුද්ගලයා විසින් සමාජයේ ප‍්‍රසිද්ධ ප‍්‍රභූවරුන්ට සහ නළු නිළියන්ට ආචාර්ය උපාධි පිරිනැමීමේ ආයතනයක් පවත්වාගෙන ගිය බවටද පොලිසියට කරුණු අනාවරණ වී තිබෙනවා.

මූල්‍ය වංචා කිරීමේ චෝදනාවට අමතරව මුදල් විශුද්ධිකරණය යටතේද ඇයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required