/
/
title icon මේ වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 8.7 යි – මූල්‍ය අරමුදල කියයි.
මේ වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 8.7 යි – මූල්‍ය අරමුදල කියයි.
Editor
1 year ago
Share:
මේ වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ 8.7 යි – මූල්‍ය අරමුදල කියයි.

මේ වසරේ ශ‍්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය ඍණ අටයි දශම හතක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා.

එමෙන්ම 2023 වසරේ එය ඍණ තුනයි දශම බින්දුවක් වනු ඇති බවයි  ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

මෙලෙස මේ වසරේ ඍණ අගයක් ගෙන තිබෙන්නේ පසුගිය වසර වනවිට තුනයි දශම තුනක ආර්ථික වර්ධනයක් තිබූ තත්වයක් තුළ වීම විශේෂත්වයක්.

පවතින දැඩි ආර්ථික අර්බුදය මෙම තත්වයට ප‍්‍රධානතම හේතුව ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

මෙලෙස මේ වසරේ සමස්ත ආර්ථික වර්ධනය ඍණ වනු  ඇති බවට අපේක්ෂා කෙරෙන ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාව වීමද විශේෂත්වයක්. බෲනායි රාජ්‍ය, සියයට 1.2 ක්, මියන්මාරය සියයට 2.0 ක්, තායිලන්තය සියයට 2.8 ක්, වශයෙන් සමස්ත ආර්ථික වර්ධනය වාර්තා කරනු ඇතැයි එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් සිදුකළ මෙම පුරෝකථන වාර්තාවේ අසල්වැසි ඉන්දියාව සියයට 6.8 ක ආර්ථික වර්ධනයක් ලබාගනු ඇතැයි අපේක්ෂා කර තිබෙනවා.

වියට්නාමය සියයට හතයි දශම බින්දුවක්, මැලේසියාව සියයට 5.4 ක්, ඉන්දුනීසියාව සියයට 5.3 ක් ආදී වශයෙන් ආර්ථික වර්ධනය වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ ආර්ථික පුරෝකථන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required