/
/
title icon වැස්ස 19 න් පසු අඩුවන ලකුණු.
වැස්ස 19 න් පසු අඩුවන ලකුණු.
Editor
1 year ago
Share:
වැස්ස 19 න් පසු අඩුවන ලකුණු.

දිවයින ආශ‍්‍රිතව පවතින වැසි තත්වය ලබන 19 වනදායින් පසු ක‍්‍රමයෙන් අඩුවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද දිනයේදීත් මිලිමීටර 100 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත‍්‍රික්ක 06 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් අද පෙරවරුවේ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව කොළඹ , ගාල්ල, කළුතර, කෑගල්ල , නුවරඑළිය සහ රත්නපුර දිස්ත‍්‍රික්වල නායයාමේ අවධානම් මතුව ඇති බවයි එහි දැක්වුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required