/
/
title icon තිරිඟු පිටි මිල අඩු වුණත්, පාන් මිලේ අඩුවක් නැහැ – කොත්තු මිලේ අඩුවක්.
තිරිඟු පිටි මිල අඩු වුණත්, පාන් මිලේ අඩුවක් නැහැ – කොත්තු මිලේ අඩුවක්.
Editor
1 year ago
Share:
තිරිඟු පිටි මිල අඩු වුණත්, පාන් මිලේ අඩුවක් නැහැ – කොත්තු මිලේ අඩුවක්.

පිටකොටුව තොග වෙළදපොලේ තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 290 දක්වා පහත වැටී ඇති බව අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ පසුගිය දිනවල තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 400 ඉක්මවූ මිලකට පැවති බවයි.

ඒ අනුව, පිටකොටුව තොග වෙළදපොලේ කිලෝග‍්‍රෑම් 25 ක තිරිගු පිටි මිටියක නව මිල වන්නේ රුපියල් 7250ක්.

කෙසේ වෙතත් පාන් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන කියා සිටියේ. පාන් මිල අඩුකිරීමට නම් තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක් රුපියල් 250 කට ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළා.

මේ අතර අඩු වූ පිටිමිලට සරිලන පරිදි කොත්තු මිල ගණන් අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළා.

එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ මිල ගණන් අඩුවන ආකාරය හෙට දිනයේ ප‍්‍රකාශයට පත්කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required