/
/
title icon තිලිණිගේ තවත් දුරකථන කිහිපයක් CID විමර්ශනයට.
තිලිණිගේ තවත් දුරකථන කිහිපයක් CID විමර්ශනයට.
Editor
1 year ago
Share:
තිලිණිගේ තවත් දුරකථන කිහිපයක් CID විමර්ශනයට.

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප‍්‍රියමාලිට අයත් තවත් දුරකථන කිහිපයක් විමර්ශනයට ලක්කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ස්ථානීය පරීක්ෂා කිරීම් කිහිපයක් සඳහා ඉදිරියේදීත් ඇය තවත් ස්ථාන කිහිපයකට රැගෙන යාම නියමිත බවයි.

එමෙන්ම මේ වනවිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය තිළිණි ප‍්‍රියමාලිට සම්බන්ධ හඩ පට උපයෝගි කරගනිමින් ඇය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පුළුල් කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම නිලධාරියා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

එමෙන්ම ඇයට එරෙහිව තවත් පැමිණිලි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා.

ඊයේ දිනයේදී ලැබුණු මෙම පැමිණිලි දෙකෙන් එකක් කොළඹ – කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් බව පොලිසිය සඳහන් කළා.

රුපියල් කෝටි 75 ක මුදලක් වංචා කර ඇති බව පවසමින් මෙම ව්‍යාපාරිකයා තිළිණි ප‍්‍රියමාලිට එරෙහිව පැමිණිලි කර තිබෙනවා.

අනෙක් පැමිණිල්ල කොළඹ පදිංචි තවත් පුද්ගලයෙකු විසින් සිදුකර ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ රුපියල් කෝටි හතකට අධික මුදලක් ඇය වංචා කර ඇති බවයි.

ඒ අනුව මේ දක්වා මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඇයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 ක්.

තිළිණි ප‍්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගෙන්ද ප‍්‍රකාශ ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required