English English සිංහල සිංහල தமிழ் தமிழ்

තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි – වරකාපොල නිවසකට පස් කන්දක් වැටී 03 ක් අතුරුදන්.

Facebook
Twitter
LinkedIn

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද රාත්‍රි කාලයේ සහ හෙට උදෑසන බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, දිවයිනේ සෙසු ප‍්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ති‍්‍රක්කවල ජලය බසින මාර්ගවල පවතින අවහිරතා හේතුවෙන් නාගරික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පවුල් 3,988 ක පුද්ගලයින් 16,929 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ අජිත් නිශාන්ත ප‍්‍රකාශ කළා.

මේ අතර, අද පෙරවරු 8.30 සිට පස්වරු 4.50 දක්වා ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප‍්‍රදේශයෙන් වාර්තා වන අතර, එම අගය මිලිමීටර් 128 ක්. කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්නට මිලිමීටර් 124.5 ක වර්ෂාපතනයක් සහ අවිස්සාවේල්ලට මිලිමීටර් 123 ක වර්ෂාපතනයක් එම කාලය තුළ ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පැවති අධික වැසි තත්ත්වය හමුවේ වරකාපොල – තුඹලියද්ද ප‍්‍රදේශයේ දෙමහල් නිවසක් මතට අද පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි මව, පියා සහ පුතු සිර වී තිබෙනවා.

නිවසේ සිටි යුවලගේ පියා මුදවා ගැනීමට කටයුතු කර තිබූ අතර, ඔහු ප‍්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නිවසේ සිරවී සිටින පිරිස මුදා ගැනීම සඳහා ප‍්‍රදේශවාසීන්, පොලීසිය සහ යුද හමුදාවේ 08 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් කටයුතු කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000