/
/
title icon වෛද්‍යවරයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වේ.
වෛද්‍යවරයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වේ.
Editor
1 year ago
Share:
වෛද්‍යවරයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වේ.

මහියංගනය පොලිස් වසමේ මාපකඩ වැවේ දියනෑමට ගිය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහියංගනය හා කරවනැල්ල රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ‍දෙදෙනෙකු ඊයේ (14) දින සවස් කාලයේදී මාපකඩ වැවේ දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 31 හැවිරිදි වෙලගාන, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙකි.

මේ වන විට මෘත ශරීරය මහියංගන රෝහලේ තැන්පත් කර ඇත. තව ද මහියංගන පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරයි.  

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required