/
/
title icon අයහපත් කාලගුණය අදත්.
අයහපත් කාලගුණය අදත්.
Editor
1 year ago
Share:
අයහපත් කාලගුණය අදත්.

දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි සහිත ස්වභාවය හේතුවෙන් මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

තව ද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද සදහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් මෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required