English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලොවටම අමතක නොවන හැග්‍රිඩ් දිවිගමනට සමුදෙයි.

Facebook
Twitter
LinkedIn

Harry Potter කතා මාලාව යනු ලොකු පොඩි සැමගේ සිත් ගත් මෙන්ම අදටත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් නිර්මාණයකි. ත්‍රාසය, කුතුහලය පිරුණු සිත් ගන්නා සිදුවීම් වලින් අනූණ මේ කතා මාලාව ලස්සන වෙන්න එහි චරිත රඟ දැක්වූ නිර්මාණකරුවන් ලොකුම හේතුවක් වන්නට පුළුවන්. ඉතිං විවිධත්වයෙන් යුත් ප්‍රේක්ෂක සිතුවිලි තුළ ඔබටත් මේ කතා මාලාවේ සිත් ගත් එක් චරිතයක් ඉන්නට ඇති. බොහෝ දෙනෙකුගේ සිත් ගත් ඒවන් චරිතයක් තම ජීවන ගමන අවසන්කර ඇති බව වාර්තා වනවා. ඒ සියලුම ප්‍රේක්ෂක සිත් තුළ කණගාටුවක් එක් කරමින්.

Anthony Robert McMillan යනු ස්කොට්ලන්ත ජාතික නළුවෙකි. Harry Potter චිත්‍රපට මාලාවේ (2001-2011) Rubeus Hagrid ලෙසත්, James Bond චිත්‍රපටවල GoldenEye (1995) ලෙසත්, The World Is Not Enough (1999) හි Valentin Dmitrovich Zukovsky ලෙසත් ලොව පුරා පිළිගැනීමට ලක් වූ මේ දැවැන්ත චරිතය 14 ඔක්තෝබර් 2022 දින තම ජීවන රඟමඩලට සමු දී තිබේ.

Rubeus Hagrid 1950 මාර්තු 30 දින ස්කොට්ලන්තයේ රදර්ග්ලන්හි ගුරුවරයෙකු සහ පියානෝ වාදකයෙකු වූ ජීන් රොස් හොවීගේ සහ අධිකරණ වෛද්‍ය පොලිස් ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ ඉයන් බැක්ස්ටර් මැක්මිලන්ගේ පුත්‍රයා ලෙස උපත ලැබීය. ඔහුට ඇනී සහ ජේන් ලෙස වැඩිමහල් සොහොයුරියක් හා බාල සහෝදරියක් සිටියි.

Robert 1999 දෙසැම්බර් 11 දින Rhona Gemmell සමඟ විවාහ විය. ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටියහ. පුතා Spencer සහ දියණිය Alice ය. කෙසේ වෙතත් Coltrane සහ Gemmell 2003 දී වෙන් වූ අතර පසුව දික්කසාද විය.

මේ අතිදක්ෂ කලාකරුවගේ කලා නිර්මාණ ලෙස Eat the Rich, Let it Ride, Flash Gordon, Death Watch, Krull, Subway Riders, Chinese, Boxes, Mona Lisa, Caravaggio, Henry V, From Hell, on the Nose, Montana, The World is not enough, Provoked, Harry Potter… මේ ආදී වූ ලෙස තවත් විශාල නිර්මාණ ගණනාවකට මොහු තම දායකත්වය ලබා දී තිබේ.

Robert පසුගිය කාලයේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විද තිබේ. ඔහු 2016 වසරේ දී නිරන්තර වේදනාවෙන් සිට ඇති අතර, 2019 සිට රෝද පුටුවක් භාවිතා කිරීමට තරම් ඔහුගේ රෝගාබාධ තත්ත්වය හේතු වි ඇත.

කෙසේ නමුත් Robert ගේ අසනීපයෙන් පසු 2022 ඔක්තෝම්බර් 14 වන දින ලාබර්ට් හි ෆෝර්ත් වැලි රාජකීය රෝහලේදී මිය ගොස් ඇත. ඒ වන විට ඔහු 72 වියේ පසු විය. තම ජීවිතයෙන් සමු ගත්ත ද ඔහුගේ මතකයන් සැමදා ප්‍රේක්ෂක සිත් තුළ පැවතුණු නිසැකය.

භාග්‍යා බණ්ඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000