English English සිංහල සිංහල தமிழ் தமிழ்

නිවසේ ආහාර නාස්තිය අවම කරමු.

Facebook
Twitter
LinkedIn

වර්තමානයේ රටේ පවතින තත්වය සමග බොහෝ දෙනා එදිනෙදා ජීවන අරගලයට මුහුණ දෙමින් සිටී. ආර්ථිකය කෙතරම් ශක්තිමත් නිවසක වුවද මේ සමයේ මන කළමනාකාරිත්වයකින් කටයුතු කිරීම වැදගත්. විශේෂයෙන්ම දිනෙන් දිනම ඉහළ යන බඩු මිල නිසා එළවළු , පළතුරු ඇතුළු අනෙකුත් ආහාර ද්‍ර්ව්‍ය මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

එම නිසා මුළුතැන්ගෙයි කටයුතු මනා කළමනාකරණයකින් සිදු කිරීම වර්තමානයේ ගෘහණියක් ලෙස කාන්තා ඔබ වෙත පැවරෙන වගකීමකි. එහිදී ප්‍රධාන ලෙසම ආහාර නාස්තිය අවම කර ගත යුතුය. නිවසක් තුළ දෛනිකව පරිභෝජනය කරන ආහාර වලින් වැඩි කොටසක් ඇතැම් විට අපතේ යවනු ඇත. නමුත් වර්තමානයේ ගෝලීය කොවිඩ් -19 වසංගත තත්වයත් සමග රටේ උදගත වී ඇති ගැටලු හමුවේ ආහර වුව්ද පිරිමැස්මෙන් භාවිතා කළ යුතු තත්වයක් උදා වී ඇත.

මෙහිදී ගෘහණියක් ලෙස ඔබට මුළුතැන්ගෙයි ආහාර සකස් කරන කටයුතු සැලසුම් සහගත ලෙස සිදු කළ හැක. විශේෂයෙන්ම නිවසට අවශ්‍ය ආහාර ද්‍ර්වය වෙළසැලෙන් මිලදී ගැනීමේදීම කල්තබා ගත හැකි ආහාර වැඩි වශයෙන්ද ( වියලි ආහාර ) වැඩි දින ගණනක් කල තබා ගැනීමට අපහසු එලවලු පළතුරු අඩු වශයෙන්ද මිලදී ගත යුතුය.

එළවලු කිහිපයක් නිවසට ගෙන එන්නේ නම් එය සකස් කළ යුත්තේද කල් තබා ගත හැකි පිළිවෙල අනුවයි. ඉක්මනින් නරක් වන එළවලු වර්ග ඉක්මනින් පිසිය යුතුය. ශීතකරණයේ වුවද ගබඩා කිරීමේදී එය අනෙක් එළවළු හා ගැටී නරක් වීමේ ස්භාවයක් ඇත. එම නිසා එලෙස නොවීමටද වග බලා ගත යුතුය.

තවද නිවසේ බල්ලන් පූසන් වැනි සතුන් සිටී නම් ඔවුන් වෙනුවෙන්ද ඉතුරු වන ආහාර වෙනම එකතු කර නැවත පිස සකස් කර දිය හැක. මෙහිදී බොහෝ විට අපතේ යාම වැළකෙනු ඇත.

තවද ඉතුරු වන බත් ආදීය නැවත වේලා සවස තේ වේලාවට කිසියම් වූ අතුරුපසක් සකස් කරගැනීමට භාවිතා කළ හැක. එලෙස ඉතුරුවන ආහාර වලින්ද නැවත ආහාරයට ගත හැකි ලෙස බොහෝ ආහාර සකස් කරගැනීමට හැකි වේ. එමෙන්ම මුළුතැන්ගෙයි ඉවතලන පොල්කුඩු ආදිය වේලා තෙල් ලෙස ලබා ගෙන නැවත පරිභෝජනය කිරීමේ හැකියාවක් තිබේ.

එමෙන්ම ආහාර වේල් සකස් කර ගැනීමේදී ද නිවසේ සිටින පිරිසට ප්‍රමාණවත් ලෙස පමණක් සකස් කරගැනීමෙන් ආහාර නාස්ති වීම බොහෝ දුරට අවම කර ගැනීමට හැකි වේ.

 දිල්කි රත්නායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000