පුත්තලම – කුරුණෑගල මාර්ගයේ පුත්තලම ඩිපෝව ආසන්නයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය, පාපැදියක ගැටී ඊයේ (15) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී පාපැදියේ ගමන්ගත් 46 හැවිරිදි අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත්, බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.