/
/
title icon කිසිවෙකු බඩගින්නේ තබන්නේ නැහැ – ජනපති.
කිසිවෙකු බඩගින්නේ තබන්නේ නැහැ – ජනපති.
Editor
1 year ago
Share:
කිසිවෙකු බඩගින්නේ තබන්නේ නැහැ – ජනපති.

සාම්ප‍්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලූව විස`දීමේ වැඩපිළිවෙලට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ඊයේ පෙරවරුවේ අම්පාර – හාඩි උසස් තාක්ෂණ ආයතන ශ‍්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග‍්‍රාමීය ආර්ථික කේන්ද්‍ර, සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත‍්‍රණය පිළිබඳව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම සඳහා එය පවත්වා තිබුණා.

තා අසීරු කාලයක් පසුකරමින් සිටියද කිසිවෙකු කුසගින්නේ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 වසරේ ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කරන වැඩසටහන් ආරම්භ කරන අතර ඒ සඳහා සියලූදෙනා පක්ෂ දේශපාලනය පසෙකලා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එහිදී අවධාරණය කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required