/
/
title icon ලංකාවෙන් අලුත් මදුරු විශේෂ දෙකක්.
ලංකාවෙන් අලුත් මදුරු විශේෂ දෙකක්.
Editor
1 year ago
Share:
ලංකාවෙන් අලුත් මදුරු විශේෂ දෙකක්.

මෙරටින් නව මදුරු විශේෂ දෙකක් හඳුනා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙනවා.

මීරිගම සහ කළුතර ප‍්‍රදේශවලින් සොයා ගැණුනු මෙම නව මදුරු විශේෂය කියුලෙක්ස් සින්ටෙලස් නමින් හඳුන්වන බවයි කීට විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් ද මෙම මදුරු විශේෂය වාර්තා වී ඇති අතර, ඔවුන් රෝග වාහකයෙක් ද යන්න සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙම කීට විද්‍යා කණ්ඩායම විසින්ම කියුලෙක්ස් නියර් ඉන්ෆියුලා නම් මදුරු විශේෂයක් ද මෙරටින් හඳුනාගෙන ඇති අතර, එම මදුරුවා ඉන්දියාවේ මොලේ මැලේරියාව රෝගය බෝ කරන කියුලෙක්ස් ඉන්ෆියුලා මදුරු විශේෂයට සමාන මදුරු විශේෂයක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් එම මදුරු විශේෂය ද මෙරට තුල රෝග වාහකයෙක් ද නැද්ද යන්න තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required