/
/
title icon තිලිණි ප්‍රියමාලි යළිත් කොළඹ – කොටුවට.
තිලිණි ප්‍රියමාලි යළිත් කොළඹ – කොටුවට.
Editor
1 year ago
Share:
තිලිණි ප්‍රියමාලි යළිත් කොළඹ – කොටුවට.

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි, ඊයේ (15) තවත් ස්ථානීය පරීක්ෂණයක් සඳහා රැගෙන ගියා.

ඒ අනුව සැකකාරිය කොළඹ කොටුව රිට්ස් කාල්ටන් නිවාස සංකීර්ණයේ ප‍්‍රධාන කාර්යාලය වෙත රැගෙන ආවා.

ඇය සමඟ පැමිණි නිලධාරීන් එහි ප‍්‍රධාන කාර්යාලයේ යම් පරීක්ෂාවක නිරත වන ආකාරය දක්නට ලැබුණු නමුත් එම සිදුවීම මාධ්‍යයට විවෘත කෙරුණේ නැහැ.

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දී තිබූ කුප‍්‍රකට ක‍්‍රිෂ් ගනුදෙනුව සමඟ මෙම මහල් නිවාස සංකීර්ණයද සම්බන්ධ බවටයි චෝදනා එල්ල වුණේ.

පසුව සැකකාරිය නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. 

බන්ධනාගාර ප‍්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ පස්වරු 3.25ට පමණ තිළිණි ප‍්‍රියමාලි නැවත බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි.

මේ අතර, තිළිණි ප‍්‍රියමාලිට අයත්, කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගේ දුරකතන කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා. 

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ ඔස්සේ අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.

සැකකාරියට එරෙහිව මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required