English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජල විදුලිය වැඩ අල්ලයි.

Facebook
Twitter
LinkedIn

ජාතික විදුලිබල පද්ධතියට මේ වනවිට ජල විදුලියෙන් 60% ක ධාරිතාවක් එක් කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාවය 78% මට්ටමට ළඟා වී තිබෙනවා.

ඒ සමඟ ඊයේ සහ පෙරේදා දින දෙක තුළ ජල විදුලි උත්පාදනයෙන් ජාතික පද්ධතියට 60% ක ධාරිතාවක් එක් කර ඇති අතර, තාප, සුළං සහ විදුලි නිෂ්පාදනයෙන් ඉතිරි විදුලි අවශ්‍යතාවය සපුරාගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර, නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය එළැඹෙන සතියේදී ජාතික පද්ධතියට එක් කිරීමටද නියමිතයි.

එමඟින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා. නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් 300 බැගින් උත්පාදනය කෙරෙන ජනන යන්ත‍්‍ර 03 කින් සමන්විතයි.

මේ වනවිට ක්‍රියාත්මක ජනන යන්ත‍්‍ර දෙක මගින් මෙගාවොට් 600 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, නඩත්තු කටයුතු සිදු කෙරෙන දෙවන ජනන යන්ත‍්‍රයත් පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000