/
/
title icon වැස්සේ වෙනස ඩෙංගු මදුරුවන් වැඩි කරයි.
වැස්සේ වෙනස ඩෙංගු මදුරුවන් වැඩි කරයි.
Editor
1 year ago
Share:
වැස්සේ වෙනස ඩෙංගු මදුරුවන් වැඩි කරයි.

ඩෙංගු මදුරු ඝනත්වය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉදිරි කාලය තුළ සීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බවට කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

මෙම වසරේ වර්ෂාපතන රටාවේ වෙනසක් සිදුව ඇති අතර එහි බලපෑම මත එවැනි වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම සංගමය කියා සිටියේ.

මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගතවූ කාලය තුළ වැඩිවී තිබෙනවා.

2021 වසරේ ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,912ක් වන අතර මෙම වසරේ ඩෙංගු රෝගීන් 59,317ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙන්නේ.

මේ දිනවල වර්ෂාවේ වැඩිවීමත් සමඟ තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බැවින් මදුරුවන් බෝවිය හැකි පරිශ‍්‍ර පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක දැනුම් දෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required